විහාරස්ථානයක ධාතු මන්දිරය බින්දැයින් ප්රදේශවාසීන් නොසන්සුන් වෙයි - සොරා ගත් දේ සොයා පොලිස් විමර්ශන
කොටිකාවත්තේ ශ්රී නාගරුක්රාම විහාරස්ථානයේ ධාතු මන්දිරය බිඳ රුපියල් 58,000/= ක වටිනා රන් භාණ්ඩ හොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇති බව වැල්ලම්පිටිය පොලිසිය අද (18) දින කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුෂවිතාන හමුවේ දන්වා තිබෙනවා.
ඒ අනුව අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් වැල්ලම්පිටිය පොලිසිය පවසා ඇත්තේ පන්සල අවට පුද්ගලයෙක් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අඳාළව එම විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි.
එමෙන්ම විහාර මන්දිරයට ඇතුළු වී ධාතු මන්දිරයේ තිබූ රුපියල් 25000ක් වටිනා රන් මාලයක් සහ රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් පලඳනාවක් එලෙස සොරාගෙන ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා ඇති බව සඳහන්.
එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පොලිසිය අධිකරණය දන්වා ඇත.