කුරුන්දි විහාරයේ පොංගල් සැමරීමට ගොස් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් - (VIDEO)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jul 14, 2023 02:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 කුරුන්දි විහාරය අසල අද (14) නොසන්සුන්තාවක් හටගත්තේය.  මෙලෙස එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත්තේ, එම ස්ථානයේ පොංගල් උත්සවයක් පැවැත්වීමට පිරිසක් උත්සාහ කළ අවස්ථාවේදීය.

කුරුන්දි විහරාධිපති හිමියන් විහාර පුදබිමේ අද දින පොංගල් පූජාවක් පැවැත්වීමට පිරිසක් සූදානම් වන බවට මුලතිව් පොලීසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් කර තිබුණි.

එම නිසා පොලීසිය මේ ගැන මුලතිව් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කොට එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය හැකි බව පවසමිනි.නමුත් අධිකරණය එම ඉල්ලිම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ අනුව අද (14)උදෑසන කුරුන්දි පුදබිමට සෙල්වරාජා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් පැමිණ සිටියේ පොංගල් උත්සවය සඳහාය. එම අවස්ථාව වන විට කුරුන්දි විහාරාධිපති ඝංඝබෝධි හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විහාරස්ථානයේ බුද්ධ වන්දනාවක නිරතවෙමින් සිට තිබේ.

පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් ද එම අවස්ථාවේදී පුදබිමෙහි රැඳී සිට ඇති බව වාර්තාවිය. මේ අතර පොංගල් පූජාව පැවැත්වීමට පැමිණි පිරිස ඊට සූදානම් වෙද්දී පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් ඊට විරෝධය පළකළේය. පසුව එම පිරිස පුදබිමේ ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පුජාවක් සිදුකර විසිර ගියේය.


ReeCha