CID එකෙන් කටඋත්තර ගන්න ආවහම හැංගෙනවා -කුමාර වෙල්ගම පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)

By Sewvandhi Nov 19, 2021 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රටේ අනාගත පරපුර වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදය වෙනුවෙන් එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෙල්ගම මහතා සඳහන් කර සිටියේ, වත්මන් ආණ්ඩුව මෙන්ම යහපාලන ආණ්ඩුව ද වැරදි සිදුකර ඇති බවය. එම වැරදි පිළිබඳ කතා නොකර ඉදිරි අනාගතයේ දරුවන් වෙනුවෙන් සියලුදෙනා එක්ව රටට නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කුමාර වෙල්ගම මහතා,

"මේ ආණ්ඩු දෙකම වැරදි කළා. මෙතැන ඉන්නවා රෝහිත මගේ යාළුවා. ආණ්ඩුව පෙරළුනාම පළමුවෙනි විවාදයට ගියා මහින්ද මහත්තයා වෙනුවෙන් කතා කරලා මාස තුනක් හැංඟුනා. මොකද එයා බයයි. අනේ කුමාර අයියේ ඔයාට පුළුවන් නම් ආණ්ඩුවට ගිහින් කැබිනට් ඇමතිකමක් අරන් මාවත් ගන්න කිව්වා. මං ඇහුවා මොකට ද බං ආණ්ඩුවට යන්නේ, පිස්සු ද උඹ බය නැතුව ඉන්න කිව්වා.

මං ගෙදර රැවුල කපකප ඉද්දි පොලීසියෙන් 100ක් විතර ආවා. උසාවි නියෝගයක් තිබුණා මහින්ද මහත්තයාගේ වෙඩි වදින්නේ නැති කාර් දෙකක් මං වත්තේ හංගන් ඉන්නවා කියලා. මුළු වත්තම හැරුවා. මට නඩු දැම්මා මේ ඔක්කෝම මේ පැත්තෙන් දාපුවා තමයි. අත උස්සපු අය තමයි මෙතෙන ඉන්නේ. මම බොරු කියන්නේ නෑ. මට උසාවියේ නඩු දැම්මා. හැබැයි අපි බය වුණේ නෑ.අපි කවදාවත් සිරිසේන මහත්තයා ළඟට ගියෙත් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගියෙත් නෑ. ඒවට මුහුණ දුන්නා.

දැන් ඉන්න අය බයයි. දැන් ලොක්කෝ වගේ කෑ ගහනවා. අන්තිමට ගිහින් CID එකෙන් කටඋත්තර ගන්න ආවහම හැංගෙනවා. එහෙම වෙන්න එපා. අපි වගේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ඉගෙන ගන්න. අපි හැංගුනා නම් කළුතර මිනිස්සු මට කළුගංතොට සිංහයා කියන්නේ නෑ. එහෙනම් කියන්නේ ලොම් හැලුණ සිංහයා කියලා. මෙතෙන ඉන්න හුඟක් අයට මේ දේවල් සිද්ධ වුණා. ඒක හරි වැරදියි. මං සමහර දාට උඩ යන ප්ලේන් ගණන් කරනවා. නින්ද යන්නේ නෑ

. මොකද ඒ තරම් පෙෂර් එකක් අපිට යහපාලන ආණ්ඩුවෙන් දුන්නේ. මහින්ද මහත්තයත් ඒ පෙෂර් එකම දුන්නා. දරුවන්ටත් දුන්නා. ඒ නිසා මං කියන්නේ මේ වැරැද්ද ආය කරන්න එපා. අපිට යුතුකමක් තියෙනවා මෙච්චර කල් දේශපාලනය කරලා අපේ දරුවන් ගැන හිතන්න. අපේ දරුවන්ට හොඳ මාර්ගයක් හදලා දෙන්න. මෙන්න මේකයි අපි කළ යුත්තේ. අපි හොඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. අපේ හකීම්ලා දෙමළ සන්ධානේ එකතු කරගෙන.

අද රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. we are all srilankan අපි පිට මිනිස්සු නෙමෙයි. අපේ දරුවෝ ගැන දැන් බලන්න ඕනේ. අපි කොහොම ද දන්නේ මේ කොරෝනා එක්ක අපි ජීවත් වෙලා ඉඳියි කියලා. ඒ නිසා අපි යුතුකමක් ඉෂ්ට කරමු. අපි ජාතික ප්‍රතිපත්තියක් හදමු. මේ ඔක්කෝම එකතු කරගෙන."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha