කුඩු චමිල්ව ලෙඩ ඇඳේදිම මාරයා ඇදන් යයි
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර හෙවත් දෙවුන්දර කුඩු වමිල් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (04) උදෑසන දී ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මිය ගොස් ඇති බව පවසයි.
ඉකුත්දා බුස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිය ඔහුව අසනීප තත්ත්වයක් නිසා මෙසේ රෝහල් ගතකර තිබූ බව සඳහන්.
කුඩු චමිල් 2000 වසරේ නොවැම්බර් මස 14 දින හෝ ඊට ආසන්න දිනයක දී නඩු විභාගයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අඳාළව වරදකරුවෙක් වූ අතර ඒ සඳහා ඔහුට මරණ දඬුවම නියම වී තිබෙනවා.