ලංකාවෙන් බෝම්බ හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
නිවසක සඟවා තිබූ අත් බෝම්බයක් හා පුපුරන ද්‍රව්‍ය තොගයක් ඇතුළු හමුදා නිල ඇඳුම් කිහිපයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවටට ගෙන ඇත.
අරලගන්විල විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එම භාණ්ඩ තොගය අතර ජිව බෝම්බයක්, ජිව උණ්ඩ 16ක්, හිස් උණ්ඩ 15ක් හා කැප් 4ක් සමග යුද හමුදා ඇඳුම් කිහිපයක් වන බවයි.
මෙම භාණ්ඩ තොගය හිඟුරක්ගොඩ කිඔුලාවල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවටට ගත් සැකකරු ඊයේ දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අදාළ සිදුවීම පසුපස හේතුව කුමක්ද පිලිබදව මේ වනවිට අරලගන්විල විශේෂ කාර්ය බලකාය විමර්ශනය කරයි.