දරුවව තමන්ගෙන් වෙන් කරායැයි ඇගට ගිනි තියාගෙන

Report

තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබා ගෙන ඇත. පොලිසිය වාර්තා කර ඇත්තේ ගිනි තබා ගැනීමෙන් බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයා ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.

වාර්තා වන ආකාරයට පවුලේ ඥාතින් විසින් තමා මානසික රෝගි තත්ත්වයෙන් පෙලෙන අයෙකු බව හගවමින් තම දරුවන්ව තමන්ගෙන් වෙන් කළ බවට ලිපියක් ලියා තබමින් මෙසේ ඔහු සිරුරට ගිනි තබා ගෙන ඇත.

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

ආපදාවට ලක්වුවන්ට කෝටිය බැගින් අරමුදලක් - අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

එම ලිපියේ වැඩිදුරටත් සදහන් වන්නේ තමන්ට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් හැටන් පොලීසියටද පැමිණිල්ලක් සිදු කළ බවත්, එම පැමිණිල්ලටද සාධාරණයක් ඉටු වී නොමැති බවත්ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී

මහපාරේ පිස්සෝ වගේ බයික් පැද්දොත් වැඩ වරදී