ප්‍රදේශ කිහිපයක සරුංගල් යැවීම තහනම් කෙරේ - ප්‍රදේශ මෙන්න..

Report

ගුවන්තොටුපොළ පාලනාධිකාරිය කටුනායක, මත්තල,රත්මලාන ගුවන්තොටුපොළ ආශ්‍රිත කලාප වල සරුංගල් යැවීමෙන් වළකින ලෙස පවසනවා.

ගුවන්තොටුපොළ පාලනාධිකාරිය පවසන්නේ, මගී ගුවන් යානාවලට විශාල අනතුරක් සිදු විය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇති අතර මේ බව ජනතාවට දැනුම්දීම සඳහා ගුවන්තොටුපළ විසින් ජංගම රථයක්ද යොදවා ඇති බවත් ගුවන්යානා නීතියට අනුව 5km ප්‍රමාණයක් ඇතුළත අඩි 300ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පා කිරීම තහනම් බවත් ය.