සෙල්ලම් කරමින් සිටියදී මියගිය දරුවා

jaffna srilanka news
By Gagana Dec 09, 2021 06:31 AM GMT
Gagana

Gagana

Report

යාපනය , වඩ්ඩුකෝට්ඩෙයි ,තෝල්පුරම් ප්‍රදේශයේ නිවසක පලංචියක් මත සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 11 දරුවකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයටපත්ව ඇතැයි වඩ්ඩුකොට්ඩෙයි පොලිසිය කියයි.

තවත් දරුවන් කිහිපදෙනකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී මියගිය දරුවා හා අනෙක් දරුවන් පලංචිය මත නැග ඇති අතර එහිදී පය ලිස්සා දරුවා බිම ඇඳවැටී ඇතැයි ද පොලිසිය පැවසීය.

එලෙස අවාසනාවන්ත ලෙස සිද්ධියෙන් මියගොස් ඇත්තේ යාපනය , වඩ්ඩුකෝට්ඩෙයි තෝල්පුරම් පදිංචි ජයචන්ද්‍රන් තජීදරන් නැමති පිරිමි ළමයකු බව පොලිසිය සඳහන් කරයි.

නිවසෙහි ඉදිකිරීමක් සඳහා පලංචිය බැඳ ඇති අතර මියගිය දරුවා හා සෙසු දරුවන් අවස්ථා කිහිපයකදීම එයට නැග සෙල්ලම්කොට ඇති බවද පොලිසිය පැවසීය.

එලෙස සෙල්ලම් කරමින් සිටියදී බිම ඇඳවැටී ඇති අතර බරපතල තුවාල ලබා සිටි දරුවා නිවැසියන් විසින් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසූයේ මියගිය දරුවාගේ දෙමාපියන් පලංචිය මත සෙල්ලම් කරමින් සිටි දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකළේනම් මෙම අනතුර වළක්වාගැනීමට තිබූ බවයි.

මියගිය දරුවාගේ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි. වඩ්ඩුකෝට්ඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now