"ඒ දරුවන්ට තවම බහ තේරෙන්නෙ නැහැ. නමුත් දරුවන්ට බහ තේරෙන විට ඔවුන් අම්මා ,තාත්තා කියන්නේ කාටද ?" කැළණි සරසවි කථිකාචාර්යවරයාගේ නිවුන් දරුවන් ගැන ඇසෙන දුක්බර කතාව

By Zara Mar 31, 2025 03:25 PM GMT
Report

පහුගිය 18 වැනිදා මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම මහනුවර කොටසේ සිදු වූ මාරක රිය අනතුරකින් කැලණි විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යා ඒකක ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ගුණේන්ද්‍ර ගයන්ත මහතා සේ ම ඔහුගේ ආදරණීය බිරිඳ සතීෂා නිලන්ති මහත්මිය මෙන්ම ඇයගේ එකම සහෝදරයා වූ රවිඳු තීක්ෂණ ද ජීවිතක්ෂයට පත්වුණා.

ඇත්තටම මේ මරණ ගැන සහ සිදුවූ අනතුර ගැන කෙරෙන කතාබහ තවමත් හැමෝටම කම්පාවට පත් කරනවා.

එයට ප්‍රධාන හේතුව වන්නේ, කථිකාචාර්‍ය ගයන්ත සහ ඔහුගේ බිරිඳ සතීෂාගේ අභාවයන් එක්ක තනි වුණු හයක් හතරක් නොතේරෙන පුංචි පැටව් තුන් දෙනා මෙලොව තනිවීම පිළිබඳවයි.

මේ නිවුන් දරුවන් ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් පළවනවා දක්නට ලැබුණා.

එම සමාජ මාධ්‍ය සටහන්වලට මියගිය සතිෂා නිලන්ති මහත්මියගේ බාප්පා වන ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක විශ්‍රාමික නිලධාරියෙකු වන අයි.ඩී පත්මසිරි මහතා මෙලෙස පිළිතුරක් ලබාදී තිබුණේ මෙලෙසයි,

”මේ බිහිසුණු මාරක රිය අනතුරින් මියගොස් සිටින්නේ මගේ අයියාගේ දියණියයි. මේ අනතුර ගැන ඇතැම් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා. ඒවා අපි හෙළා දකිනවා. එම මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මේ නිවුන් දරුවන් තිදෙනා ගැන විවිධ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළා. මේ දරුවන් අපට බරක් නෑ. එම දරුවන් තිදෙනා මගේ අක්කගෙ දුව ළඟ සිටිනවා. එම දරුවන්ට තවම බහ තේරෙන්නෙ නැහැ. නමුත් දරුවන්ට බහ තේරෙන විට ඔවුන් අම්මා ,තාත්තා කියන්නේ කාටද ? මේ අනතුරින් රටක් වටින මිනිස් ජීවිත තුනක් රටට අහිමි වුණා. එම දරුවන් රාත්‍රියේ නින්දෙන් අවදි වුණාම අම්මා, තාත්තා ඉන්නවද කියලා බලන බවක් අපට දැනෙනවා. ඒ වෙලාවට අපට ඇති වන දුක දරාගන්නට බැහැ…”

[7UN06DB]

[XWVO1XV]