ඔය ඇඳුම ගරාජ් වල අයත් අඳිනවා (VIDEO)

hambanthota keheliya rabukwella Chinese cloths thissa mararama cabinet decision
By Sewvandhi Jun 29, 2021 07:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හම්බන්තොට තිස්සමහාරාමය වැවේ රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා චීන හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පුද්ගලයින් පිරිසක් සේවය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විමසු විට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදහස් පළ කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකර ඇති බවය. එම ඇඳුම හුදෙක් අදාළ ආයතනයේ නිල ඇඳුමක් පමණක් බවට එහිදී අනාවරණය වු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රශ්නය - දේශීය පුද්ගලයින්ටත් පුළුවන් ද මේ වගේ ඇඳුම් ඇඳගෙන රාජකාරි කරන්න?

“ලියාපදිංචි ආයතනයක් නම්, ආරක්ෂක ආයතනයක් නම් ඒ ආයතනවල ලැයිස්තුවක් තියෙනවා ඇඳුම් තිබිය යුත්තේ කෙසේ ද කියලා. එතැනින් වෙනස් වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න වෙනවා. ඉදිරිපත් කළාම ඒකට අනුමැතියක් හිමිවෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්.“

ප්‍රශ්නය - මේ පුද්ගලයෝ චීන ආරක්ෂක අංශවලට සම්බන්ධ අය ද?

“අපි දන්නා තරමට යුද හමුදා කට්ටිය නෙමෙයි. මේ තියෙන්නේ CID වාර්තාව. එහි සඳහන්ව තිබෙනවා එය සාමාන්‍ය කට්ටලයක් බව. පෙළක් වෙලාවට මම දැකලා තියෙනවා ගැරාජ්වලත් ඔය වගේ "overall kits" තියෙනවා. ඔබ තුමන්ලා ගිහින් බලන්න පෙළක් හොඳ ගැරාජ්වල එහෙම ඒවා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න. මම ඕනේ නම් කියන්නම් ඒවගේ ගැරාජ් කිහිපයක්ම.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha