කුමන අභියෝග ආවත් නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියට – ඇමති කෙහෙළිය

Keheliya Rambukwella
By Sithumi Mar 28, 2023 05:48 PM GMT
Sithumi

Sithumi

Report

කුමන ආණ්ඩුවක් බලයේ සිටියද මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා තමන් කැපවන බවත් ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබෙනවා.  

ඊයේ (27) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති “සෞඛ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා වූ උපදේශන සමුළුවේ”දීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.  

සෞඛ්‍ය ක්ෂේත්‍රයට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේදී දැනට පවතින ක්‍රමවේදය රටේ වත්මන් තත්ත්වයත් සමග වෙනස් විය යුත්තේ කෙසේද? යන්න පිළිබඳව එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාකර තිබෙනවා. 

   වෙනත් රටවල පළමුව මුදල් ගෙවා සේවා ලබාගැනීමේ ක්‍රමවේදයක් පැවතියත් මෙරට පවතිනුයේ නිදහස් සෞඛ්‍ය සේවාවක් බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එය ඉදිරියටද පවත්වාගෙන යා යුතු බවයි.