30න් පසු රටට වෙන දේ ගැන සෞඛ්‍ය ඇමති කියයි.

Covid Corona Curfew Lock down Keheliya rabukwella
By Aruna Aug 27, 2021 05:17 AM GMT
Aruna

Aruna

Report

30 වැනිදායින් පසු රට තවදුරටත් නොවසනු ඇතැයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඇතැම් දේවලට හදවතින් එකඟ නොවුනත් සෙසු අයගේ අදහස් වලට ඇහුම්කන් දී එම ඉල්ලීම් ඉටු කිරීමට ද සිදුවන අවස්ථා ඇතැයි ඒ මහතා පැවසිය.

අඩු ආර්ථිකයක් පවතින රටක් වසාගෙන ඉදිරියට යා නොහැකි යැයිද කී ඔහු මහ ජනතාවගේ සහයෝගය උපරිම ලබාගෙන කොරෝනා වසංගතය පාලනය කිරීම වඩා ප්‍රායෝගික බව තම අදහස බවද කියා සිටී.

ලෝකයේ කිසිම රටක් ඇඳිරි නීතිය දමා වසංගත ව්‍යාප්තිය විසඳාගෙන නැතැයි පැවසූ ඔහු රට වසා දමන්නැයි ඉල්ලීම් කල පිරිස් අතර පාපිෂ්ඨ සාහසික බලවේග ක්‍රියාත්මක වී ඇති බවද ඇමතිවරයා කියයි.

ඔවුන්ගේ යටි අරමුණු අවබෝධ නොවීමට තරම් ආණ්ඩුව මෝඩයන් නොවන බවද ඔහු තවදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha