සිය පියාට ‘මිනිහා’ කියලා කතා කරපු කාවින්ද්‍යා අධිකාරිට රසිකයන් දැඩි අප්‍රසාදය පළ කරයි (PHOTOS)

samitha kavi Kavindya adikari athula adikari kavi and gayan
By Sithumi Jan 14, 2022 06:00 PM GMT
Sithumi

Sithumi

Report
125 Shares

 කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ලංකාවෙ කා අතරත් නිරතුරුවම කතාබහට ලක්වන සහ රසිකයන්ගේ ආදරය නිරතුරුවම දිනාගත් නව පරපුරේ සිටින ආදරණීය ගායන ශිල්පිනියක්.

ඇය ගීත ගායනයටත් රංගනයටත් එක සේ දස්කම් පාන සුන්දර යුවතියක්. ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යන දෙපලගේ ආදරයේ ප්‍රතිඵලය වූ කාවින්ද්‍යා ඔවුන්ගේ සංගීත ආභාෂය එලෙසින්ම පවත්වාගෙන යෑම සැබවින්ම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට මහත් වූ වටිනාකමක් ගෙන දෙන්නක්. 

කාවින්දයා අධිකාරි ගායනා කරන ලද ගීතයක් රසිකයා ඉතාමත්ම ආදරෙන් වැළඳ ගන්නේ ඇයගේ කටහඬ හි ඇති රිද්මයානුකූල බවත් මියුරු බවත් නිසාමයි. මේ වන විට ඇගේ මව සහ පියා වෙන්වී වෙන වෙනම ජීවත් වුවත් ඔවුන් අතර ඇති බැඳීම නම් එදා මෙන් ම අදටත් අඩුවක් නැහැ.

ඒ පිළිබඳව අපට හොඳටම සාක්ෂාත් කරගන්නට පුළුවන් වන්නෙ අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව ජනවාරි පළමුවැනිදා එකට එක්ව ගායනා කරන ලද ආයෙමත් ආදරෙන් ගීතය නිසයි. ඒ වගේම තමයි සමිතා මුදුන්කොටුව මෑතකදී විවාහ වූ ඇයගේ ලාබාල සැමියා වන චිරන්තත් මේ පවුලේ සිදුවන සියලු දේ පිළිබඳව ඉතාමත්ම හොඳ අවබෝධයකින් තමයි සිටින්නේ. 

ඔවුන්ගේ සමගියට බාධා නොකර චිරන්ත සහ සමිතා ඉතාමත්ම සාර්ථක ලෙස සිය පවුල් ජීවිතය ගත කරනවා. ඉතින් පසුගිය දිනක දී අතුල සමිතා දෙපළ ගායනා කරන ලද ආයෙමත් ආදරෙන් ගීතයේ රූගත කිරීම් කරන අතරතුර දී හරි අපූරු සිදුවීමකට මුහුණ පෑමට සිදු වනවා.

ඒ තමයි ගීතයේ දර්ශන කීපයකට කවින්ද්‍යා සහ සමිතා මුදුන්කොටුව සූදානම් වන අවස්ථාවේදී ඔවුන් පුදුම කරමින් අතුල අදිකාරි එම ස්ථානයට පැමිණීම. ඉතින් එම වීඩියෝ ගත කරන අවස්ථාවේදී කාවින්ද්‍යා අධිකාරි කියන ලද එක්තරා ප්‍රකාශයක් නිසා රසික රසිකාවියන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. එය එම අවස්ථාවේදී පවසා සිටියේ මෙවැන්නක්.

ඔයා මට චූටි කොටසක් කියලා තිබුනට මේ මිනිහා එනවා කියලා දැනගෙන හිටියේ නෑනේ. මාර හොරෙක් තමා යනුවෙන් තමයි ඇය ඇයගේ පියා වන අතුල අධිකාරිට පවසා සිටියේ. ඉතිං මෙහිදී ඇය ඇගේ පියාට මිනිහා යන වචනයෙන් කතා කරන නිසා රසිකයන්ගෙන් ඇයට නොයෙකුක් චෝදනා එල්ල වුණා.

තමන්ගෙ තාත්තාට ඒ විදිහට කතා කරන එක සුදුසු දෙයක් නෙමෙයි කියලා තමයි එම ඍණාත්මක ප්‍රතිචාර වල සඳහන් වෙලා තිබුණේ. කෙසේ නමුත් අතුල සමිතා සහ කාවින්ද්‍යා ඉතාමත්ම සතුටින් කාලය ගත කරන බව තමයි අපට පෙනී යන්නේ. ඉතින් ඔවුන්ගේ ජීවිත සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery