"අපිට අපිව උරුම නැතුව ඇති" සමිතගේ දුව කවි පෙම්වතා ගැන කියූ කතාව (PHOTOS)
කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ලංකාවෙ කා අතරත් නිරතුරුවම කතාබහට ලක්වන සහ රසිකයන්ගේ ආදරය නිරතුරුවම දිනාගත් නව පරපුරේ සිටින ආදරණීය රංගන ශිල්පිනියක්
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යන දෙපලගේ ආදරයේ ප්‍රතිඵලය වූ කාවින්ද්‍යා ඔවුන්ගේ සංගීත ආභාෂය එලෙසින්ම පවත්වාගෙන යෑම සැබවින්ම ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට මහත් වූ වටිනාකමක් ගෙන දෙන්නක්.පසුගියදා එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ ඇය ඇයගේ ජීවන ගමන පිළිබඳව පැවසූයේ මෙවන් දෙයක්.
මුලින්ම කියන්න ඕනේ අම්මයි තාත්තයි දෙන්නම ලංකාවේ ප්‍රසිද්ධ තරු යුවලක්.ඉතින් ඒ වගේ දෙමව්පියන්ගෙ දරුවෙක් වීම මගේ ලොකු වාසනාවක්.මොකද ඒ වගේ අය ඉන්නේ ඉතාම ටික දෙනයි.ඒ ටික දෙනා අතරට මාවත් අයිති වෙනවා කියන්නේ මගේ පෙර පිනකට වෙච්ච දෙයක්.මගේ දෙමව්පියන් ගැන ගොඩක් කටකථා අද පැතිරෙමින් තිබෙනවා .ඉතින් ඒවාට ශක්තිමත්ව මං දැන් මුහුණ දෙනවා.ඉස්සර නම් ඒවට සෑහෙන්න ඇඩුව.
නමුත් මං පස්සේ තේරුම් ගත්තා ඇයි මං මේවා ගණන් ගන්නේ කියලා. මගේ අම්මා කියන්නේ මට දෙවියෙක්.මගේ අම්මා කවදාවත් මටවත් මල්ලිටවත් වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි.එයාගේ විවාහය ගැන පවා මුලින්ම අපිව දැනුවත් කරලා තමයි විවාහ වුනේ.එයා ඕනම කෙනෙක් වෙනුවෙන් එයාට පුළුවන් උපරිමයෙන්ම කැපවෙන කෙනෙක්.අපි දෙන්නට වුණත් එයාගෙ හස්බන්ට වුණත් ඒකෙ වෙනසක් නෑ.හරි ආඩම්බරයි මගේ අම්මගේ ශක්තිය ගැන.අදටත් මං මෙහෙම ඉන්නේ මගේ අම්මා නිසා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |