කතරගම වෙඩි තැබීමක්...පුද්ගලයෙකු මරුට.

Police Katharagama Lunugamwehera Yala
By Aruna Jul 07, 2021 04:00 AM GMT
Aruna

Aruna

Report

කතරගම - නාගහවීථිය - සමෘද්ධි මාවතේදී සිදුවූ වෙඩි තැබීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රි 7.30 ට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් තවත් අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු යාල කැළයට පලාගොස් ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කතරගම පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha