පටන් ගන්න තව දවස් කිහිපයයි - ඔයත් කතරගම යන්න ඉන්නවා නම් මේ ගැනත් දැනුවත් වෙලාම ඉන්න..
කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන් කතරගම පෙරහර සමයේ පුදබිමට පැමිණෙන බැතිමතුන්ට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ, කතරගම පුදබිමට රැගෙන එන කැළිකසල තැන තැන දැමීමෙන් වළකින මෙන් ය.
දෙස් විදෙස් විශාල ජනතාවක් සම්බන්ධ වන කතරගම ඇසල මහා මංගල්‍යය තව දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත ය.
ඒ අනුව මෙවර කතරගම වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ජූලි මස 06වනදා සිට ජූලි 22වනදා දක්වා පැවැත්වෙනු ලබයි.