කතරගම දේවාලයේ පොල් ගැසීම නතර වෙයි.? - පොල් වෙනුවට තැඹිලි? - මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.

Kataragama Temple Sri Lanka
By Wayomi Dec 06, 2024 10:45 AM GMT
Wayomi

Wayomi

Report

බැතුමතුන් කතරගම දේවාලය ඉදිරිපිට පොල් ගැසීම සියයට 90කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙනවා.

කතරගම පූජා භූමිය වැඳපුදාගන්නට යන බොහෝ බැතිමතුන් පූජා වට්ටිය සමග පොල් ගැසීමට පොල් ගෙඩියක් රැගෙන යාමට අමතක නොකරන අතර ශාන්තිකර්මවලදීද පොල් ගෙඩියට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වෙයි. - කොළඹ තරු හෝටලයේ මහල් 7කින් බිමට පැන්න විදේශිකයා. - (VIDEO දර්ශන සහිතයි)

පොලිසියේ උත්සාහය ව්‍යර්ථ වෙයි. - කොළඹ තරු හෝටලයේ මහල් 7කින් බිමට පැන්න විදේශිකයා. - (VIDEO දර්ශන සහිතයි)

කෙනෙක් තම යහපත, වස්දොස් දුරුකර ගැනීම තකා දෙවියන් ඉදිරියේ පොල් ගසයි. තවත් අයෙක් අනුන්ගේ ජීවිතය විනාශවේවා, භංගවේවායි පතමින් පොල් ගසයි.

කෙසේ වෙතත් වර්තමානයේ රටෙහි පවතින අධික පොල් මිල හමුවේ බැතිමතුන් පොල් ගැසීමෙන් වැළකී සිටින බවයි අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වනවිට කතරගම ප්‍රදේශයේ පොල් ගෙඩියක් රුපියල් 160ක මිලකට අලෙවි වන බවත් සඳහන්.

මේ අතර බැතිමතුන් පොල් වෙනුවට තැඹිලි තබන බව සෙල්ල කතරගම ගඟේ ගණදෙවි කෝවිලේ පුජක ජනක දිසානායක සාමිවරයා පවසා තිබෙනවා.

ප්‍රසිද්ධියේ ගව මස් පරිභෝජනය සහ විකිණීම තහනම් කෙරේ.

ප්‍රසිද්ධියේ ගව මස් පරිභෝජනය සහ විකිණීම තහනම් කෙරේ.

ReeCha