රටම කම්පා කරමින් තවත් සද්ධන්තයෙක් ලෙඩ වෙයි - කාවන්තිස්සට කඩිනම් ප්‍රතිකාර අරඹයි
පරිසර අමාත්‍යාංශය ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සඳහන් කරයි.
ඒ අනුව නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්‍රමුඛ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (24) දින උදෑසන සිට උස්ගල සියඹලාන්ගමුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකින් පසුව ඇතාට ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සඳහන්.
එමෙන්ම පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීම යටතේ, පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් මත මෙම ප්‍රතිකාර කටයුතු සිදු කරන බව වාර්තා වේ.
මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්
ඒ වෙනුවෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වනජීවි නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් එක්ව සිටියි.
මේ අතර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පශු වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.
එසේම පශු වෛද්‍ය කණ්ඩායම් සහ වනජීවි නිලධාරීන් විසින් ඇතාගේ තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් ද සිදුකරමින් පවතින බව සඳහන්.
උදෑසන 5.30 ට නිකුත් කරන ලද නිවේදනයක් - බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයට අද සිට වෙන දේ ලංකාවටම දන්වයි