විදේශ කටයුතු ඇමති විජිත අද දිවයිනෙන් පිටව යයි - හේතුව මෙන්න
එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (25) දින දිවයිනෙන් පිටව යාමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අමාත්‍යවරයා විසින් ලබන 28 වැනි දින අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජගත් මහා මණ්ඩල සමාන්‍ය විවාදයේ දී ප්‍රකාශයක් සිදු කරන බවයි.
මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්
මෙම සංචාරයේ අරමුණ වන්නේ මෙරට වර්තමාන විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීමයි.
එසේම අමාත්‍යවරයා මෙහිදී විදෙස් රටවල් සමග සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ නිළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.