හැමෝම කියනවා මම ශලනි තාරකා වගේ කියලා, ඉතින් මම අවුරුදු කුමරිය වුනෙත්, නිලියක් වුනෙත් ඇය නිසයි-කස්තුරි ජයවර්ධන (PHOTOS )

By Sithumi Mar 17, 2023 01:41 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන නීල පබළු සහ ජානු ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියලා කියන්නේ. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇය සහ ජනප්‍රිය නළු සංගීත් ප්‍රභූ සමඟ තියෙන ප්‍රේම සම්බන්දය නිසයි.

ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් ඇය දැන් විදින ගමන් සතුටින් ජීවත් වෙනවා කියලයි කස්තුරි කියන්නේ. ඒ නිර්මාණ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඔවුන් දැන් ආදරේ කරන්න පටන් අරගෙන අවුරුදු තුනහමාරක් වෙනවාලු. නමුත් ඔවුන් පෙම්වතුන් වුණා කියලා මාධ්‍යට කියලා නැහැ කියලයි ඇය කියන්නේ.

ඒ වගේම විවාහ වෙන්න තව ටික කාලයක් යයි කියලත් ඇය කියනවා. මොකද ඇය තවම ඉගෙන ගන්න නිසා වගේම තවමත් ඔවුන් ස්ථාවරයකට ඇවිත් නැති නිසා. ඉතින් හිමීට ඔවුන් දෙන්නගෙම වැඩ කටයුතු කරගෙන හරි කාලය ආවම විවාහ වෙන්න තමයිලු හිතාගෙන ඉන්නේ. ඒ වගේම තවම දින වකවානු දාගෙන නැති නිසා බොහෝ දුරට තව අවුරුදු දෙක තුනකින් විවාහ වෙයි කියලයි කස්තුරි නම් කියන්නේ.