රියදුරු දොර ඇරී ඉවතට විසි වූ බස් රථයෙන් 50 කගේ පමණ දිවි බේරාගත් තරුණයා..(PHOTOS)

Kandy Sri Lanka
By Sithumi May 26, 2023 01:50 PM GMT
Sithumi

Sithumi

Report

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක උඩුදුම්බර ප්‍රදේශයේ වංගුවකදී රියදුරු දොර ඇරී ඉවතට විසිවී බස් රථය රියදුරු නොමැතිව වේගයෙන් මාර්ගයෙන් ඉවතට පැන ගමකරමින් සිටි අවස්ථාවක ක්ෂණිකව රියදුරු අසුන අසල ආසනයේ අසුන් ගෙන සිටි පහළ චායා රූපයේ සිටින දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ තරුණයෙකු රියදුරු අසුනට පැන තිරිංග පාගා විශාල ප්‍රපාතයක් ආසන්නයේ දී බස් රථය නතර කර ගත් පුවතක් වාර්තා වනවා.

ඔහුගේ ජීවිතය ගැනද නොසිතා ජීවිත 50 ක් පමණ බේරූ ඔහු සැබැවින්ම වීර චරිතයකි. ඔබට දීර්ඝායුෂ ලැබේවා ♥️ (සටහන සහ ජායාරූප - Nandana Yasarathne)

GalleryGalleryGallery
ReeCha