මෙරට තේ කර්මාන්ත ශාලාවක් සම්පුර්ණයෙන්ම ගිනිබත් වෙයි..!
Nuwara Eliya
Sri Lanka
By Sewvandhi
අද (18) දා අළුයම නුවරඑළිය, කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි.
කඳපොළ පොලීසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා නුවරඑළිය මහ නඟර සභාවේ ගිනි නිවන ඒකකය සමග එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත් බව කඳපොළ පොලීසිය සදහන් කරනවා.
මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. ගින්නෙන් විනාශයට පත් දේපළ පිළිබඳව තක්සේරු කර නොමැති බවත්, ගින්නට හේතුව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කඳපොළ පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
