කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් කොළඹ කණ්ඩායම දඹුල්ල සික්සර්ස් පරදා LPL අවසන් වටයේ බලාපොරොත්තු ඉහළ නංවයි

Report

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් ශක්තිමත් කරමින් කොළඹ කණ්ඩායම දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කිරීමට සමත් විය.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 174ක් රැස් කළේය.

දඹුල්ල ඉනිම ශක්තිමත් කළ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 54කදී ලකුණු 80ක් රැස් කළේය. එය ඔහුගේ තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය විය. ගුල්බදීන් නයිබ් පන්දු 13කදී නොදැවී ලකුණු 33ක් ලබා ගනිමින් අවසන් පන්දුවාරවලදී දඹුල්ල ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක විය.

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 - ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා - ඉන්දීය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස 15 - ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

කොළඹ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ශහ්නවාස් දහානි කඩුලු 2ක් දවා ගත්තේය. ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දීමට රුබින් හර්මන් සමත් විය.

ඔහු පන්දු 26කදී ලකුණු 48ක් ලබා ගනිමින් ජයග්‍රහණයට ශක්තිමත් පදනමක් සැකසීය. නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 39ක් රැස් කරමින් ඉනිම ස්ථාවර කළ අතර, බෙන් මැක්ඩර්මට් ලකුණු 33ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 26ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කිරීමට දායක වූහ.

කොළඹ කණ්ඩායම පන්දුවාර 19කදී කඩුලු 6ක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් ජයග්‍රාහී සීමාව පසු කළේය. දඹුල්ල වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ අකිල ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්තද, කොළඹ පිතිකරුවන් පීඩනය හමුවේ සංයමයෙන් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය ලබා ගත්හ.

වහාම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

වහාම ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්