20 වෙනිදා මෙරටට එල්ලවන ප්‍රහාරයක් ගැන ආරක්ෂක ලේකම් ගෙන් දැනුම් දීමක්.

Mahinda Rajapakshe Gotabaya Rajapakshe Kamal gunarathne Katunayake airport
By Aruna Sep 17, 2021 07:34 AM GMT
Aruna

Aruna

Report

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇතැයි ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩ සම්බන්ධයෙන් ජනතාව කලබල වියයුතු නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඒ බව පැවසීය.

මේ අතර කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව මෙරට ආරක්ෂක අංශයන් විසින් තර කිරීමට පියවර ගැනුනා.

එළැඹෙන 20 වැනිදා ගුවන් තොටුපොළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවත්, තමන් නම් කරන සිව්දෙනකු වහාම මුදාහරින ලෙසත් ඊමේල් පණිවුඩයේ සඳහන් කර ඇත.

මෙම ඊමේල් පණිවුඩය පරීක්ෂා කිරීමට යාමේදී ගුවන් තොටුපොළ වෙබ් අඩවිය තුළට රිංගා දත්ත සොරකම් කිරීම හෝ වෙනත් අරමුණකින් සැකකරුවන් මෙය කළේදැයි බව දැනට හෙළිවී තිබේ.

බංග්ලාදේශයේ හමුදාවට සම්බන්ධ ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ ඔස්සේ මෙම ඊමේල් පණිවුඩය මෙරටට ඒවා ඇතැයි හෙළිව ඇත.

කෙසේ වෙතත් මෙම අනතුරු හැඟවීම් සහිත ඊමේල් පණිවුඩය සමග කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කර හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන පෙරහුරු පසුගියදා (14 වැනිදා) සිට ආරම්භ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha