කොරෝනා ආසාදිතයෙකුට සාර්ථක මුඛ සැත්කමක්
accident
surgery
kaluthara
nagoda hospital
covid patient
By Sewvandhi
රිය අනතුරකින් තුවාල ලැබූ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුට සාර්ථක මුඛ හා හනුක සැත්කමක් සිදුකිරීමට කළුතර නාගොඩ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමත්ව තිබෙනවා.
පාපැදියකින් යමින් සිටියදී පසුගිය 15 වනදා රාත්‍රියේ මොහු මෙම රිය අනතුරකට ලක්වීමෙන් මුහුණේ අස්ථි බිඳීමක් සිදුව තිබෙනවා.
අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කළ 40 හැවිරිදි මොහුට කොරෝනා ආසාදිත බවට හදුනාගෙන ඇත්තේ රිය අනතුරෙන් පසු රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.
පැය හතරහමාරක පමණ කාලයක් සිදුකළ මෙම සැත්කම ඉතා සාර්ථකව සිදුකළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |