කළුබෝවිල අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානියා STF අත්අඩංගුවට

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කළුබෝවිල අවිශ්ක' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන ප්‍රධාන සැකකරු අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද විශේෂ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින් දසදහසක් සඳහා මේ රටේ විදේශ රැකියා අවස්ථා

රජය මැදිහත් වී ශ්‍රී ලාංකිකයින් දසදහසක් සඳහා මේ රටේ විදේශ රැකියා අවස්ථා

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 10ක්, හෙරොයින් ග්‍රෑම් 504ක්, විද්‍යුත් තරාදියක්, රබර් සීල් 2ක් සහ ජංගම දුරකථන 2ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්

රජයෙන් විශේෂ තීරණයක් - මේ අයට රාජ්‍ය සේවයට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම්