ගුවන් හමුදා කදවුරේ පිපිරීම ගැන එළියට ආ තොරතුරු..

By Sewvandhi Sep 26, 2023 04:05 PM GMT
Report

අද (26) පස්වරුවේ කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම පිළිබඳ තවත් තොරතුරු වාර්තාවී තිබේ. එම ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේදී සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්විය.

බෝම්බ නිෂ්ක්‍රීය කරන ස්ථානයේදී අදාළ පිපිරීම සිදුවී තිබෙනවා. අද පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ.

එම පිපිරීමෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ නායක ගුවන් භටයෙකි. එම පිපිරීමෙන් තවත් ගුවන් හමුදා භටයෙක් ද තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වෙයි.

අදාළ පිපිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 50ක්

සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 50ක්