සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 50ක්

Report

සිනොපෙක් සමාගම මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයන් සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ නිල ප්‍රවේශය නිවේදනය කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ගිවිසුම්ගතව තිබූ ඉන්ධන පිරවුම්හල් 150ක් එක්ව ගිවිසුම්ගත වෙමින් සිනොපෙක් සමාගම මෙරට සිල්ලර වෙලදාම් කටයුතු ආරම්භ කරන බවයි.

එමෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ඉදිරියේදී ස්ථාපිත කරනු ඇති.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, මහජනතාවට ඉන්ධන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, ඉන්ධනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම සහ සාධාරණ මිලකට ඉන්ධන අලෙවි කරගෙන යාම සදහා සිනොපෙක් සමාගම සමග ඇතිකරගත් මෙම බලශක්ති සබඳතාව වැදගත් වන බවයි.