විදුහල්පති, සිසුවෙකුගේ ගෙල සිර කරයි - දැඩි විරෝධතා

Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Jul 10, 2023 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හලාවත – ආරච්චිකට්ටුව, කැලේගම විද්‍යාලය ඉදිරිපිට විදුහල්පති විසින් සිසුවෙකුගේ ගෙල සිර කිරීමක් සිදු කළ බව කියන සිද්ධියක් මුල් කරගනිමින් විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

අද(10) පෙරවරුවේ දෙමාපියන් කිහිප දෙනෙකු විසින් මෙම විරෝධතාවය සිදුකර ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ එම සිසුවා පාසලෙන් ඉවත් කරගන්නා ලෙසට ද විදුහල්පතිවරයා විසින් බලපෑම් කළ බවයි.

මේ අතර අදාළ විදුහල්පතිවරයාට ස්ථාන මාරුවීමක් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති අතර, එය ලබා දී ඇත්තේ එම විදුහල්පතිගේ ඉල්ලීම පරිදි බවයි වාර්තා වන්නේ.

ReeCha