කඩුවෙල නගරාධිපතිගේ ආරක්ෂක නිලධාරියාට ඇප
නීතිඥවරියකට වාචික තර්ජනය කිරීමේ සහ බිය ගැන්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.
අධිකරණ නිලධාරීන් පැවසුවේ, සැකකරු සිකුරාදා (26) අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ මෙම නිලධාරියාට එරෙහිව නීතිඥවරියකට බැන වදිමින් තර්ජනය කිරීමේ චෝදනා එල්ල වී තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වේ.