කඩුවෙල නගරාධිපති රන්ජන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට
By R.rishma
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු නීතිඥවරියකට බැන වදිමින් තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුවෙල පොලීසිය විසින් සිදු කළ අත්අඩංගුවෙන් පසු, අදාළ ආරක්ෂක නිලධාරියා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදාහැර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවද වාර්තා වේ.