ජවිපෙත් මෙරට ශාපයේ දැවැන්ත කොටස්කරුවෙක්.

Namal Rajapaksa Sri Lanka Politician Janatha Vimukthi Peramuna
By Wayomi Feb 26, 2024 11:44 AM GMT
Wayomi

Wayomi

Report

 මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ,ඊයේ (25) කොල්ලුපිටියේදී පැවති රැස්වීමකදී මාධ්‍යයට අදහස් දක්වමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ගෙවල් ගිනි තියමින් ආණ්ඩු බලය ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මිනිසුන් එකතු කරමින් වේදිකා මත කෑ ගසන බවත් මෙරට 75 වසරක සාපයක් ගැන කියනවා නම් 83 කළබල වලින් දේපල ගිණි තියලා මිනිස්සු ඝාතනය කර අවුරුදු 30 ක යුද්ධය පටන් ගත්තු අය ද වගකිවයුතු බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ, තරුණයෝ 60,000 ක් 88-89 ඝාතනය කරපු අයත් එයට රටේ කඩා වැටීමට වගකිව යුතු බවත්නා,මල් රාජපක්‍ෂ බස් ගිණි තැබූ, ට්‍රාන්ස්ෆෝමර් ගිණි තියපු අය වගේම පසුගිය කාලයේ අරගල කරලා ගෙවල් දොරවල් ගිණි තියලා රටේ ආර්ථිකය වට්ටලා සංචාරක ව්‍යාපාරය වට්ටපු අයත් වගකිවයුතු බවත්ය.





MAY YOU LIKE >