ළමයින්ට දඬුවම් කිරීම ගැන අධිකරණ ඇමතිගෙන් නිවේදනයක්

Report

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

ගුරුවරු විදුහල්පතිවරු බයවෙන්න එපා මේකයි ඉස්සරහට වෙන්නේ නීතිය අපි නෙමෙයි හැදුවේ

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බව අධිකරණ අමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය සැප්තැම්බර් 24 අදාළ දණ්ඩ නීති සංග්‍රහය සං‍ශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය වනදා පැවැත්විණි. එමෙන්ම විවාදයක් පමණක් මිස නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ බවත් අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදුවිය යුතු බව එහි වාර්තා වේ.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

මෙම පනත් කෙටුම්පත මෙතෙක් නීතියක් ලෙස සම්මත කර නොමැති අතර, මේ සඳහා සංශෝධන ඉදිරිපත් කළ යුතු නම් අදාළ සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා අදාළ නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වු මෙම පනත මේ දක්වා නීතියක් බවට පත්ව නොමැති බව අධිකරණ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කර සිටී.

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි

ආයේ ඔක්තෝබර් පළවෙනිදට ලෝක ළමා දිනය නෑ,නව රජය දිනය වෙනස් කරයි