ලොව දරුණුතම බලශක්ති අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

Report

ඉරානය, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය ගැටුම් හේතුවෙන් ලෝකය මෙතෙක් මුහුණ දුන් දරුණුතම බලශක්ති අර්බුදය නිර්මාණය වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) ප්‍රධානී ෆාති බිරෝල් (Fatih Birol) මහතා පවසයි.

'France Inter' ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අවධාරණය කළේ මෙය ඉතිහාසයේ විශාලතම බලශක්ති අර්බුදය බවයි.

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

යුක්රේන-රුසියානු යුද්ධය හේතුවෙන් දැනටමත් නිර්මාණය වී ඇති ගෑස් සහ පෙට්‍රල් අර්බුදයට මෙම මැදපෙරදිග ගැටුම ද එක්වීම තත්ත්වය තවදුරටත් බරපතළ වීමට හේතු වී තිබේ.

විශේෂයෙන්ම ගෝලීය තෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන මුහුදු මාර්ගය වන 'හෝමූස් සමුද්‍ර සන්ධියේ' ගමනාගමනය අඩාල වීම මේ සඳහා සෘජුවම බලපා ඇත.

බිරෝල් මහතා පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වය 1973, 1979 සහ 2022 වසරවල පැවති ලෝක බලශක්ති අර්බුද සියල්ලෙහි එකතුවට වඩා දරුණු විය හැකි බවයි.

තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කරනවා - කාදිනල් හිමි

තමන්ගේ හිතවතුන් ආරක්ෂා කිරීම සඳහා රණවිරු ලේබලය තුළ ඔවුන් සැඟවීමට උත්සාහ කරනවා - කාදිනල් හිමි

රුසියානු ගෑස් සැපයුම නතර වීමත් සමඟ යුරෝපය මුහුණ දෙන ගැටලුවලට මෙම නව යුදමය තත්ත්වය දරුණු බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.