ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු - දකුණු කොරියානු නායකයන්ගේ කැමැත්ත

Report

ඉන්දියාව සහ දකුණු කොරියාව අතර මූලෝපායික හවුල්කාරිත්වය ආරක්ෂක, ආර්ථික ආරක්ෂාව සහ නැගී එන තාක්ෂණයන් යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟතාවකට පැමිණියහ.

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් මහතාගේ ඉන්දීය සංචාරයට සමගාමීව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයේදී මෙම තීරණ ගෙන තිබේ.

වසර අටකට පසු දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු ඉන්දියාවට පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය මෝදි විසින් ජනාධිපති ලී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

අහස උසට නැග්ග ලෝක රන් මිල එක්ක ලංකාවේ රන් මිල හොයපු අයට නවතම මිල ගණන් මෙන්න

නිදහස්, විවෘත සහ නීති මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ දෙරටේ පොදු දැක්ම මෙහිදී යළිත් තහවුරු කෙරුණු අතර, කලාපීය සහ ගෝලීය මූලෝපායික වර්ධනයන් පිළිබඳ සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කළහ.

මෙම සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පවතින ආයතනික සංවාද පුළුල් කිරීමට ද මෙහිදී එකඟ වී ඇත.

ඒ යටතේ විදේශ හා ආරක්ෂක නිලධාරීන් අතර උප ඇමති මට්ටමින් යෝජිත "2+2 සංවාදය" සහ ආරක්ෂක කර්මාන්ත සහයෝගීතා රාමුව යටතේ පැවැත්වෙන රැස්වීම් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතය.

ලොව දරුණුතම බලශක්ති අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

ලොව දරුණුතම බලශක්ති අර්බුදයක් ගැන අනතුරු ඇඟවීමක්

මෙමගින් ආසියානු කලාපයේ ප්‍රධානතම ආර්ථික හා ආරක්ෂක හවුල්කාරිත්වයක් ලෙස ඉන්දු-කොරියානු සබඳතාව නව මානයකට ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.