ලොවම බලා සිටි සාම පාගමනේ භික්ෂූන් තව සුළු මොහොතකින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට - හෙට සිට යන පාර මෙන්න

Report

අද (21) මෙරටට වැඩම කළ ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමනට නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ අද (21) දින පස්වරු 3.00ට ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම සාම පා ගමනට ආශිර්වාද ලබා ගැනීම සිදු කිරීමට නියමිතයි.

එසේම එහිදී අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ‌ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ වෙත පූජා කිරීමට නියමිත බව සඳහන්.

අනතුරුව අද (21) පස්වරු 4.00ට ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස විශේෂ ආගමික වතාවත් සිදු කිරීමට නියමිත අතර අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් පසුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතයි.

‘සාමය ඇති විය යුත්තේ පළමුව තමා තුළින්මය’ – පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ

‘සාමය ඇති විය යුත්තේ පළමුව තමා තුළින්මය’ – පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ

එසේම මෙම සාම පාගමනට එක්ව ලොව පුරා ආදරයට පත් 'ආලෝකා' (Aloka) සුනඛයා ද ඔවුන් සමග සිටියි.

එමෙන්ම සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික ලෙස අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිත අතර ඉන්පසුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙරහැරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවයි.

සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට

සාම පා ගමනේ පිරිස අත්තනගල්ල රජමහාවිහාරයට

එහිදී ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන ‘ We are the Design’ වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

එසේම ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය , රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි පූර්ණ අනුග්‍රහය මත මෙම සාම පා ගමන සංවිධානය කර ඇත.

සාම පාගමනේ ගමන් කිරීමට මෙරටට එන ආලෝකාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්දීමක්

සාම පාගමනේ ගමන් කිරීමට මෙරටට එන ආලෝකාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්දීමක්