ශිහාන් අයියා නිසා අද මාව නොදන්නා කෙනෙක් නැහැ, ඔහු සුපර්ස්ටාර් සිංදු කියද්දී මට අවුරුදු 8යි-ජූලියා සොනාලි (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Mar 23, 2023 05:36 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන දක්ෂ සුරූපී නිවේදන ශිල්පිනියක් තමයි ජූලියා සොනාලි කියලා කියන්නේ.

ඉතින් ඇය ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් වන හේෂාන් මල්ලව සමඟ එකතු වෙලා මෙහෙයවන තරු ඉරිදා වැඩසටහනේ නිසා තමයි ඇයවත් නොහිතපු විදිහට ඇයට ජනප්‍රිය වෙන්න ලැබුනේ. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය නිවේදිකාවක් විදිහට හරිම අල්ප වශයෙන්නෙ කට්ටිය දැන හඳුනගෙන හිටියත් ඇය මෙහෙයවන ‘තරු ඉරිදා’ වැඩසටහන නිසා ඇය ගැන හිතාගන්න බැරි විදිහේ කතාබහක් ඇති වුණා කියලයි ජූලියා කියන්නේ.

ඉතින් ඒ දේට මූලිකම හේතුව වුණේ මීට අවුරුදු 17කට පෙර සිරස නාළිකාවෙන් ආරම්භ කරපු සිරස සුපර් ස්ටාර් වැඩසටහන රටේම කැළඹීමක් සිදු වුණා වගේම රටේම උන්මාදයක් බවට පත්වුන නිසා. ඉතින් ඒ තුළින් බිහි වුණු ගායන තරු 10 දෙනෙක් එදා තරු ඉරිදා වැඩසටහනට එකතු වෙලා හිටියා. ඒ වගේම ඒ තරු අතර සිටි ඉතා ඉහළ රසික ආදරයක් ආකර්ෂණය දිනාගත් තරුවක්නෙ ශිහාන් මිහිරංග කියලා කියන්නේ. ඒ කාලෙ ඔහු අපේ රටේ තරුණියන් අතර සිහින කුමාරයෙක් වෙලා හිටිය බව කාටත් රහසක් නම් නෙවෙයි.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery