යළිත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව උණුසුම් වෙයි...(PHOTOS)

Sri Lanka
By Aruna Aug 25, 2022 07:06 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනී සංස්ථාවෙි සේවකයින්ට මේ මාසයට (අගෝස්තු ) වැටුප තවමත් නොදීම හේතුවෙන් එහි සේවකයෝ මේ වන විට සංස්ථා ආලින්දයට රැස්වී විරෝධතාවේ නිරත වෙයි.

ඔවුන් පෙන්වා දෙන්නේ සෑම මසකම තමා වේතනය ලබාගැනීම සඳහා මෙලෙස උද්ඝෝෂණයේ නිරත වීමට සිදුවන බවයි.

සංස්ථාවෙි පාලනාධිකරියේ කිසිවෙකුට වරප්‍රසාද කප්පාදු නොකර සාමාන්‍ය සේවකයින්ගෙන් පමණක් වැටුප කප්පාදු කිරීමට පාලනාධිකාරිය පියවර ගනිමින් සිටී.

නියමිත පඩිය ලබාදෙන තෙක් අඛන්ඩව විරෝධතාවයේ නිරත වන බව වෘත්තීය සමිති නියෝජතයින් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති නිලධාරීන් මෙම විරෝධතාවට එක්ව සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery