භාෂාව නැතැත් ජපන් යන්න වරම්..! වැඩි විස්තර

Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Sithumi May 27, 2022 04:07 PM GMT
Sithumi

Sithumi

Report

ජපන් භාෂා ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී  Katsuki Kotara මහතාගෙන් ඉල්ලීමක් කළේය.

මෙරට සිටින ජපාන තානාපති භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara ඇතුළු ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (26) උදෑසන හමුවූ අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමු කළේය.

මේ වන විට ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේදී භාෂා ප්‍රවීනතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ජපාන ඉල්ලා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha