රට යන්න බලාගෙන ඉන්න ඔබටයි මේ සුපිරිම අවස්ථාව..

Sri Lanka Japan Sri Lanka Relationship Japan Job Opportunity
By Sewvandhi Aug 30, 2024 12:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජපානයේ නව ක්ෂේත්‍ර රැසක රැකියා ශ්‍රි ලාංකිකයින්ට ලබා දීමට එකග වී තිබෙනවා. ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙෆ් ගුණවර්ධන සහ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක පසුගියදා එම කාර්යාංශයේදී හමුවූණා.

එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. එම අවස්ථාවේ IM Japan ආයතන මගින් ශ්‍රි ලාංකිකයින්ට එරට ඉදිකිරීම්, සාත්තු සේවා, නිශ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදීමට එකඟ වී තිබෙනවා.

එමෙන්ම කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් ක්ෂේත්‍රවල වැඩි රැකියා ප්‍රමාණයක් ලාංකික‍යන් වෙත ලබාදීමට එකඟතාවය පළකර තිබෙන බව පැවසෙනවා.

මෙම ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ තරුණයින්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් මෙරට පිහිටුවීමට දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත්තේ ඒ අනූවයි. IM Japan වැඩසටහන යටතේ දැනට ශ්‍රි ලාංකිකයින් 500ක් පමණ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව ලබනවා. ඉදිරියේදී තවත් පුහුණු ලාභීන් 100ට ආසන්න ප්‍රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා තිබෙනවා.