ශ්‍රී ලංකා පොලීසියට ජපන් පියෙකුගෙන් පැමිණිල්ලක්
By Sewvandhi
පොලීසිය සදහන් කරන්නේ, තම ශ්‍රී ලාංකික බිරිඳ සහ පුතු යළි ජපානය වෙත නොපැමිණි බවට ජපන් ජාතික පියෙකු විසින් මෙරට පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල සංචාරක පොලීසිය වෙතට යොමුකර ඇති බවයි, පොලීසිය පවසන්නේ.
මෙම පැමිණිල්ල අදාළ ජපන් ජාතිකයා විසින් විද්‍යුත් තැපෑල හරහා යොමුකර ඇත. අදාළ පණිවුඩය මගින් ඔහු පවසා අත්තේ නියමිත දිනයේ ඔවුන් යළි ජපානය බලා නොපැමිණි බවය.
කෙසේ වෙතත් එම සිද්ධිය සම්බන්ධයෙන් සංචාරක පොලීසිය විසින් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.