බදාදා සවසින් සටන් විරාමය අවසන් - ලොවම තැති ගන්වමින් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය "වොෂින්ටන් වේලාවෙන් බදාදා සවසින්" අවසන් වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
එබැවින් එදිනට පෙර එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් සටන් විරාමය දීර්ඝ කිරීමේ "ඉතා අඩු සම්භාවිතාවක්" පවතින බව ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මූලාශ්‍රවලට අනුව, දෙවන වටයේ සාකච්ඡා සඳහා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු ඉහළ පෙළේ අමෙරිකානු නිලධාරීන් පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
කෙසේ වෙතත් සඳුදා රාත්‍රියේ පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් විශ්වාසය පළ කර තිබුණේ ටෙහෙරානය සාකච්ඡා මේසයට පැමිණෙනු ඇති බවටයි.
එසේ වුවත් ඉරාන විදේශ අමාත්‍යාංශය මීට පෙර අවධාරණය කර තිබුණේ "මේ වන විට" කිසිදු සාකච්ඡාවක් සිදු නොවන බවයි.
මේ අතර පවතින අස්ථාවර සටන් විරාම තත්ත්වය හමුවේ නැව් කපිතාන්වරුන් සහ හිමිකරුවන් දැඩි ප්‍රවේශමෙන් කටයුතු කිරීම නිසා, සඳුදා දිනය තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කර ඇත්තේ නැව් 16ක් පමණක් බව සඳහන්.
එසේම ඊශ්‍රායල සහ අමෙරිකානු නිලධාරීන්ට අනුව ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දෙවන වටයේ සාකච්ඡා බ්‍රහස්පතින්දා දිනට නියමිත බව සඳහන්.