රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ලබා ගැනීමට සූදානමින් සිටියද මීට පෙර ප්‍රතිකාර කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවීම හේතුවෙන් මෙරට ප්‍රතිකාර ලබා නොගෙන විදෙස්ගතව ප්‍රතිකාර ලැබීමට වික්‍රමසිංහ මහතා තීරණය කළ බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී අද(21) දින පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින්.

ඔහු කියා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට මෙරටදී ප්‍රතිකාර කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් ඉකුත් දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවත් එම වෛද්‍යවරුන් චූදිතයින් බවට පත් කළ බවත් ය.

කුමාරගේ පිටින් පොලිස්පතිගෙත් වැරදි අල්ලන්න යන නාමල් - තුන්පාරක්ම කුමාරව රකින්න ආපු නිසා අනුරගේ මූණෙත් දැලි

කුමාරගේ පිටින් පොලිස්පතිගෙත් වැරදි අල්ලන්න යන නාමල් - තුන්පාරක්ම කුමාරව රකින්න ආපු නිසා අනුරගේ මූණෙත් දැලි

එසේම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී. එල්. පීරිස් මහතා,

"මේ රටේ ඉහළම පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. ඉහළ පහසුකම්වලින් සමන්විත රෝහල්ද තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කරපු විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම නිසා ඔවුන් විශාල පීඩනයකට ලක්වුණා. එවැනි තත්ත්වයක් තුළ වික්‍රමසිංහ මහතා තවදුරටත් මේ රටේ ප්‍රතිකාර ලබා ගත්තා නම් ඒක වෛද්‍යවරුන්ට කරන අසාධාරණයක්. ඒක වෛද්‍යවරුන්ට වෙන පීඩනයක්. ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මේ ආකාරයට රහස් පොලිසියට කැඳවීම විශාල ගැටළුවක්. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියේදී මෙරට කැපී පෙනෙන දේශපාලන චරිතවලට මෙරටදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගැටළුවක් ඇතිවෙන්න පුළුවන්. ඒක අසතුටුදායක තත්ත්වයක්."

"මම දැන් පත්තර බලන්නෙත් නෑ, ෆේස්බුක් යන්නෙත් නෑ" - මෛත්‍රීගෙන් දේශපාලනය ගැන අපූර්ව හෙළිදරව්වක්

"මම දැන් පත්තර බලන්නෙත් නෑ, ෆේස්බුක් යන්නෙත් නෑ" - මෛත්‍රීගෙන් දේශපාලනය ගැන අපූර්ව හෙළිදරව්වක්

මේ අතරතුර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා එංගලන්තයට ගිය සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍යයට ගොස් ඇති බව සහ ඒ සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

"රනිල් වික්‍රමසිංහ මහතා, මහා බ්‍රිතාන්‍යයේ කරන ලද නිල සංචාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් කණ්ඩායමක් මහා බ්‍රිතාන්‍යයට ගොස් තියෙනවා. පොලිස් කණ්ඩායමට ඒ සඳහා ගිය සම්පූර්ණ වියදම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අප ඉල්ලා තිබෙනවා. කෙතරම් මුදලක් එම පොලිස් කණ්ඩායම සඳහා වෙන් වුණාද කියලා දැන ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා."

විගණකාධිපති වාර්තාව වැරදියිද? - ඇමති වසන්ත කියපු කතාව මෙන්න

විගණකාධිපති වාර්තාව වැරදියිද? - ඇමති වසන්ත කියපු කතාව මෙන්න