ජපන් යන්න ඉන්න ලාංකිකයින්ට මෙන්න සුපිරි අවස්ථාවක්.. යන්න පුළුවන් මේ අයට පමණයි..

Manusha Nanayakkara Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Apr 23, 2023 11:36 PM GMT
Aruna

Aruna

Report

ජපානයේ ගොවිපොළවල් සඳහා ශ්‍රී ලංකාවෙන්, දකුණු ආසියාවෙන් සහ අග්නිදිග ආසියාවේ වෙනත් රටවලින් කම්කරුවන් බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.

ජපානයේ විශාලතම තාවකාලික කාර්ය මණ්ඩල සමාගමක් වන පර්සෝල් හෝල්ඩින්ග්ස්, අස්වැන්න නෙලීම වැනි සෘතුමය රැකියා සඳහා විදේශීය ශ්‍රමිකයින් ගොවිපොළ වෙත යැවීමේ සේවාවක් මාර්තු මාසයේ දී දියත්කර තිබෙනවා.

කෘෂිකාර්මික පාසල් වැනි ස්ථානවල අධ්‍යාපනය ලබා ඇති ඉන්දුනීසියාව සහ අනෙකුත් අග්නිදිග ආසියාතික රටවල කම්කරුවන් සඳහා මෙම අවස්ථාව හිමිවන බවයි සඳහන් වන්නේ.

පර්සෝල් හෝල්ඩින්ග්ස් සමාගමේ විධායක නිලධාරී මොරිහිරෝ ටාඩා පැවසුවේ, “අඛණ්ඩව පහත වැටෙන දේශීය ජනගහනයකින් පමණක් ප්‍රමාණවත් ගොවි කම්කරුවන් සුරක්ෂිත කිරීම අපේ රටට අපහසු වනු ඇත.

අපගේ ජීවිතයට අත්‍යවශ්‍ය කෘෂිකර්මාන්තය පවත්වා ගැනීම සඳහා අපි සම්පූර්ණයෙන්ම නව ප්‍රවේශයක් ගත යුතුයි." යන්නයි.

වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉන්දුනීසියාව, අග්නිදිග ආසියාව මෙන් ම ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල ශ්‍රමිකයින් බඳවා ගැනීමට මෙම සමාගම බලාපොරොත්තු වන බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now