ජේම්ස් ඇන්ඩර්සන්ට පදවියක්

By Mithu Apr 12, 2025 06:55 AM GMT
Report

 එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ ඇන්ඩර්සටන්ට නයිට් පදවිය ලබා දී ඇති අතර, එය සුනක් අගමැතිවරයා ක්‍රීඩකයෙකුට එම සම්මානය ලබා දුන් එකම අවස්ථාවද වෙයි.

පිළිකා රෝගීන් ගැන ඇසෙන අනුවේදනීය කතාව

පිළිකා රෝගීන් ගැන ඇසෙන අනුවේදනීය කතාව

ඇන්ඩර්සටන්ට ලබාදුන් ගෞරවනාමය සම්බන්ධයෙන් අදහසක් දක්වන එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් පවසා සිටියේ, "එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ ලබා දුන් පුරාවෘත්තයකට ඇත්තටම ලැබිය යුතු ගෞරවයක්" බවයි.

ඒ අනුව මෙම නයිට් පදවියත් සමග ඔහු ශ්‍රීමත් ජේම්ස් ඇන්ඩර්සන් නැතහොත් සර් ජේම්ස් ඇන්ඩර්සන් ලෙසින් හැඳින්වෙනු ඇත. 42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය අතර, ඒ වනවිට ඔහු කඩුලු 704ක් දවාගෙන සිටියේය.

ඔහු අදටත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වේග පන්දු යවන්නා වේ. දශක දෙකකට අධික කාලයක් පුරා එංගලන්තය නියෝජනය කළ ඇන්ඩර්සන් ටෙස්ට් තරග 188කට, එක්දින තරග 194කට සහ විස්සයි20 තරග 19කට ක්‍රීඩාකර ඇත.

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් රජය කරපු දේ

ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් රජය කරපු දේ

ඔස්ට්‍රේලියාවේ ශ්‍රීමත් (සර්) ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, නවසීලන්තයේ රිචඩ් හැඩ්ලි, බ.ඉ. කොදෙව්හි ක්ලයිව් ලොයිඩ් මෙම ගෞරවාන්විත නයිට් පදවිය ලැබූවන් අතරින් කිහිප දෙනෙකු වෙති.