බිහිසුණු අනතුරක් - හොරෙන් වැලි ඇද්ද ටිපර් එක පාරෙන් ඉවතට පැනලා
අද (15) අලුයම 5.05ට පමණ යාපනය - මන්නාරම මාර්ගයේ තෙන්මරාච්චි, නාවට්කුලි ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ කිළිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මියගිය අයගෙන් එක් අයෙකුගේ දේහය චාවකච්චේරි මූලික රෝහලේත්, අනෙක් තැනැත්තාගේ දේහය යාපනය ශික්ෂණ රෝහලේත් තැන්පත් කර තිබේ.