හෝමූස් හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව අපි සතුයි - ට්‍රම්ප්ගෙන් සහතිකයක්

Report
Courtesy: BBC

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් නිල ප්‍රකාශයක් ලැබී තිබෙනවා.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට පහර දෙන බවට අනතුරු අඟවා ඇති පසුබිමක, එම නෞකා ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළා.

ට්‍රම්ප් ජනාධිපතිවරයා තමන්ගේ Truth Social මාධ්‍ය ජාලය හරහා සටහනක් තබමින් සඳහන් කළේ, ගල්ෆ් කලාපය හරහා ගමන් කරන ඉන්ධන ප්‍රවාහන නෞකා ඇතුළු සියලුම වෙළෙඳ නෞකාවලට සහන මිලකට දේශපාලනික අවදානම් රක්ෂණය සහ මූල්‍ය ආරක්ෂාව සපයන බවයි.

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

ඉරානේ ලෝකෙන්ම දරුණුවට පළි ගන්න සූදානමක් - හෝමූස් සමුද්‍ර සන්ධිය වසා ඒ හරහා ගියොත් පහරදෙන බවට අනතුරු අඟවයි

ඔහු එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාව (United States Development Finance Corporation - DFC) වෙත නියෝග කර ඇත්තේ, මෙම රක්ෂණ සේවාව සියලුම නෞකා සමාගම්වලට ඉක්මනින් ලබා දීම සඳහායි. මෙය ක්‍රියාත්මක වන්නේ වහාම (effective immediately) බවත් ඔහු අවධාරණය කළා.

අවශ්‍ය වුවහොත්, එක්සත් ජනපද නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ආරක්ෂාව සඳහා යොදවා ගනු ලබන බවත් ට්‍රම්ප් මහතා සඳහන් කළා. "අවශ්‍ය නම්, එක්සත් ජනපද නාවික හමුදාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ටැංකර් නෞකා ආරක්ෂා කරමින් ගමන් කිරීම ඉක්මනින් ආරම්භ කරනු ඇත" යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ලෝකය පුරා අඛණ්ඩව බලශක්ති ප්‍රවාහය සහතික කිරීම එක්සත් ජනපදයේ වගකීමක් බවත්, එහි ආර්ථික හා හමුදා බලය ලෝකයේ විශිෂ්ටම බවත් ඔහු අවධාරණය කළා. "කුමන හෝ ආකාරයකින් ලෝකය පුරා නොවැටී බලශක්ති ප්‍රවාහය සිදු වන බවට එක්සත් ජනපදය සහතික වේ" යනුවෙන් ඔහු සඳහන් කළා.

ඉරානෙට ගහන්න කඳවුරු දුන් නැති නිසා ට්‍රම්ප්ගෙන් තර්ජනයක් - ස්පාඤ්ඤය එක්කත් සතුරු වෙයි

ඉරානෙට ගහන්න කඳවුරු දුන් නැති නිසා ට්‍රම්ප්ගෙන් තර්ජනයක් - ස්පාඤ්ඤය එක්කත් සතුරු වෙයි

ඉරානයට කරපු විනාශේ - යුධ ගිනි නිසා මැරුණු 1000ට වැඩි පිරිස අතර අවුරුදු 10ට අඩු ළමයි 181ක්

ඉරානයට කරපු විනාශේ - යුධ ගිනි නිසා මැරුණු 1000ට වැඩි පිරිස අතර අවුරුදු 10ට අඩු ළමයි 181ක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්

යුද්ධේ නිසා ලංකාවට නරක ආරංචියක් - එක සතියකයට විශාල පාඩුවක්