ලොවම කළඹපු මරණය, ඉරානයේ අලී කමේනිගේ දේහය උපන් බිමේම මිහිදන් කරන්න යයි - දැවැන්ත සමුගැනීමේ උත්සවයක්
ඉරානයේ ඝාතනයට ලක්වූ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ශුද්ධ වූ මෂ්හාඩ් නගරයේ තැන්පත් කිරීමට නියමිත බව ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් ඉරාන සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව 1939 වර්ෂයේදී ඔහු උපත ලද මෂ්හාඩ් නගරය ඉරානයේ දෙවන විශාලතම නගරය වේ.
එසේම එය ෂියා ඉස්ලාම් බැතිමතුන්ගේ අතිශය පූජනීය ස්ථානයක් වශයෙන් ද සැලකේ.
එමෙන්ම ඔහුගේ පියා වන අයතුල්ලා සයියද් ජවාඩ් කමේනිගේ දේහය ද තැන්පත් කර ඇති ඉමාම් රේසා සිද්ධස්ථාන සංකීර්ණය තුළ හෝ ඒ ආසන්නයේ කමේනිගේ දේහය මිහිදන් කරනු ඇති බවට අපේක්ෂා කරයි.
මේ අතර දේහය මිහිදන් කිරීමට ප්‍රථමයෙන් ටෙහෙරාන් අගනුවරදී දැවැන්ත මහජන සමුගැනීමේ උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ සඳහා විශාල ශෝකවන්නන් පිරිසක් සහභාගී වනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වේ.
මෙම අනුස්මරණ කටයුතුවලින් පසුව දේහය මෂ්හාඩ් වෙත රැගෙන යන අතර, අවසන් භූමදාන චාරිත්‍ර ඉමාම් රේසා සිද්ධස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මේ වන විට ඉරාන බලධාරීන් විසින් දින 40ක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති වුවත් භූමදානය සිදුකරන නිශ්චිත දිනයක් මෙතෙක් හෙළි කර නොමැත.
ලෝකයේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ ෂියා වන්දනා මධ්‍යස්ථානයක් මෙන්ම ඔහුගේ උපන් ගමද වන මෂ්හාඩ් නගරය ඔහුගේ අවසන් විවේකස්ථානය වශයෙන් තෝරා ගැනීම, ඔහුගේ උරුමය එම භූමිය සමඟ බද්ධ කරන දැඩි සංකේතාත්මක වැදගත්කමකින් යුක්ත වන බව සඳහන්.