ත්‍රීවීලයක මළ සිරුරක් - කපා කොටා ඝාතනය කොට ගෙනත් දමන්නට ඇති බවට සැකයක්

Report

මොරටුව බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත මොරටුමුල්ලේ පදිංචි අයකුගේ මළ සිරුරක් මොරටුව පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඊයේ (03) රාත්‍රී 7.30ට පමණ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී බස් නැවතුම්පළ අසල නවතා තිබූ ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ තිබී මෙම මළ සිරුර සොයා ගත් බව වාර්තා වෙයි.

ඔහුගේ සිරුරේ දරුණු කැපුම් තුවාල දක්නට ලැබෙයි පොලිසිය සැක පළ කරන්නේ මෙම පුද්ගලයා වෙනත් ස්ථානයකදී කපා කොටා ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවයි.

 මෙම මියගිය පුද්ගලයා මොරටු මුල්ල ප්‍රදේශයේ “සුරා” නමින් හඳුන්වන පුද්ගලයකු බවට මේ වන විට හඳුනාගෙන ඇත.

පොලිසිය සදහන් කළේ මියගිය අය වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවකු  බවයි

ඔහුට එරෙහිව දැනට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ඇති බව වාර්තා වේ.