ට්නා ගිනිකන්ද පුපුරා යයි
තාලියේ එට්නා ගිනිකන්ද පුපුරා ගොස් ඇති අතර, එහි සිට විශාල වශත්තුවකින් අළු සහ දුමාරය නැඟී එන ආකාරය දක්නට ලැබෙන බව වාර්තා වේ.
සිසිලි දූපතේ රූප සහ වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ සඳුදා (02) උදෑසන එට්නා ගිනිකන්දෙන් ගිනිකඳු ද්‍රව්‍ය පිටවන ආකාරයයි.
සඳුදා අලුයම "වැඩිවන තීව්‍රතාවයේ" පිපිරීම් ගණනාවක් සිදුවූ බව ඉතාලියේ භූ භෞතික විද්‍යාව සහ ගිනිකඳු විද්‍යා ජාතික ආයතනයේ (INGV) එට්නා නිරීක්ෂණාගාරය සඳහන් කළේ.
පිපිරීමේ සම්පූර්ණ පරිමාණය තවමත් අපැහැදිලි වුවත්, බාධා කිරීම් අවම මට්ටමක පවතින බව පෙනේ.
ලෝකයේ වඩාත් ක්‍රියාකාරී ගිනිකඳු අතුරින් එකක් වන එට්නා ගිනිකන්දේ පිපිරීම් සුලබ වුවත්, එයින් සැලකිය යුතු හානි හෝ තුවාල සිදුවීම කලාතුරකින් වාර්තා වේ.